එමීරයේ ජනපති පාකිස්ථාන සංචාරය අවලංගු කරයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ශෙයික් මොහමඩ් බින් සායිඩ් සිය පාකිස්ථාන සංචාරයක් අවලංගු කර තිබෙනවා.
ඒ, ඔහු පාකිස්ථානය බලා පිටත්වීමට නියමිතව තිබූ ගුවන් යානය පියාසර කිරීමට පැය කිහිපයක් ඉතිරිව තිබියදීයි.
විදෙස් මාධ්‍ය පැවසුවේ අයහපත් කාලගුණය හේතුවෙන් එමීරයේ ජනාධිපතිවරයා සිය ගුවන් ගමන අවලංගු කළ බවයි.
කෙසේවෙතත් එමීරයේ ජනාධිපතිවරයා පිළිගැනීමටයි පාකිස්ථාන බලධාරීන් සැලසුම් කර තිබී ඇත්තේ.
අදාළ සංචාරයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා, පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබුණා.
ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින පකිස්තානය මෙම සංචාරය සම්බන්ධයෙන් බලාපොරොත්තු රැසක් තබා සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ ඔහු ආයෝජන රැගෙන පැමිණීමට නියමිතව තිබූ බැවින්.