යුක්‍රේනය ප්‍රහාරක ජෙට් යානා ඉල්ලයි -රුසියාව ප්‍රතිචාර දක්වයි

යුක්‍රේනය ප්‍රහාරක ජෙට් යානා ඉල්ලයි -රුසියාව ප්‍රතිචාර දක්වයි

යුක්‍රේන ජනාධිපතිවරයා එක්සත් රාජධානියේ නිලධාරීන් හමුවීමෙන් පසු ප්‍රහාරක ජෙට් යානා ලබාගැනීම සඳහා ඔහුගේ ඉල්ලීම ප්‍රංශයට සහ ජර්මනියට යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky පැරිසියේදී දෙරටේ නායකයන් හමුවී ඇති අතර එහිදී ඔවුන් යුක්‍රේනයට අඛණ්ඩව සහයෝගය ලබා දෙන බවට ප්‍රතිඥා දී තිබෙන බවයි පැවසෙන්නේ.

සෙලෙන්ස්කි මහතා අද (09) බ්‍රසල්ස්හිදී යුරෝපා සංගම් නායකයින් හමුවූ විට ජෙට් යානා සඳහා තවත් ඉල්ලීම් කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

බටහිර ජාතීන් මෑතකදී සැපයීමට එකඟවූ Leopard 2 ටැංකිවලට අමතරව ප්‍රහාරක ජෙට් යානා සහ දිගු දුර මිසයිල වැදගත් බවට යුක්‍රේන ජනාධිපතිවරයා විශ්වාස පළ කර සිටිනවා.

මේ අතර යුක්‍රේනයට ගුවන් යානා ලබා දෙන්නේ නම් මොස්කව් වෙතින් එයට ප්‍රතිචාර දැක්වීමට සුදානම් බව රුසියාව අනතුරු අඟවා තිබෙනවා.

Share This