රටවල් 70කින් ජාත්‍යන්තර සංවිධාන 14කින් තුර්කියට ආධාර -සිරියාවේ ආධාර බෙදා දීමේදී ගැටළු රැසක්

රටවල් 70කින් ජාත්‍යන්තර සංවිධාන 14කින් තුර්කියට ආධාර -සිරියාවේ ආධාර බෙදා දීමේදී ගැටළු රැසක්

භූමිකම්පාවෙන් පසු රටවල් හැත්තෑවක් සහ ජාත්‍යන්තර සංවිධාන 14 ක් තුර්කියට සහන ලබා දී ඇති බව තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩොගන් ප්‍රකාශ කර තිබෙනවා

ආධාර ලබා දුන් රටවල් අතර එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊශ්‍රායලය සහ රුසියාව ද ඇතුළු වන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

භූමිකම්පාවෙන් වැඩිපුරම බලපෑමට ලක් වූ සිරියාවේ සමහර ප්‍රදේශ පාලනය කරන්නේ ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජය විසින් වන අතර අනෙක් ඒවා තුර්කි පිටුබලය ලබන සහ එක්සත් ජනපදයේ පිටුබලය ලබන විපක්ෂ හමුදා, කුර්දි කැරලිකරුවන් සහ සුන්නි ඉස්ලාමීය සටන්කරුවන් විසින් පාලනය කරනු ලබනවා .

සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශය පාලනය කරනු ලබන්නේ සන්නද්ධ සුන්නි ඉස්ලාමීය කණ්ඩායමක් වන Hayat Tahrir al-Sham (HTS) විසිනුයි.

සිරියාවේ පාලනය කිරීම්වල පවතින ගැටළු නිසා ආධාර බෙදා දීමේදී ගැටළු සහගත තත්ත්වයන් ඇතිව තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

එරට පාලන තන්ත්‍රය අවධාරනය කරන්නේ, තම පාලනයෙන් පිටත ප්‍රදේශ සඳහා ලබා දෙන ආධාර ඇතුලුව, රටට ලැබෙන සියලුම ආධාර, දමස්කස් අගනුවර වෙත යොමු කරන ලෙසයි.

මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉරාකය, ඉරානය, ලිබියාව, ඊජිප්තුව, ඇල්ජීරියාව සහ ඉන්දියාව සහනාධාර සෘජුවම පාලන තන්ත්‍ර පාලනය ගුවන් තොටුපළ වෙත යවා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

නමුත් තලේබාන් පාලනය යටතේ පවතින ඇෆ්ගනිස්තානය, සෞදි අරාබිය, කටාර්, ඕමානය, චීනය, කැනඩාව සහ වතිකානුව වැනි තවත් රටවල් ආධාර ලබා දීමට පොරොන්දු වී ඇතත්, එම සහනය කෙලින්ම පාලන තන්ත්‍රයට යවනු ඇත්ද යන්න පැහැදිලි නැති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

Share This