කාශ්මීරය ගැන සාවද්‍ය තොරතුරු පතුරන බවට චෝදනා

කාශ්මීරය ගැන සාවද්‍ය තොරතුරු පතුරන බවට චෝදනා

කාශ්මීරය සම්බන්ධයෙන් විවිද තොරතුරු සමාජගත වෙමින් ඇති බවත් ඇතැම් තොරතුරු සාවද්‍ය බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඊට උදාහරණයක් ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ ‘කාශ්මීර කළු දින’ සැමරුමයි. ‘කාශ්මීර කළු දිනය’ සත්‍යය විකෘති කිරීමට නිර්මාණය කරන ලද මෙවලමක් ලෙසයි එහි හඳුන්වා දී ඇත්තේ.

ඉන්දියාව සෑම වසරකම ඔක්තෝබර් 27 “පාබල දිනය” (Infantry Day) ලෙස සමරනු ලබන අතර මෙම දිනය ඉන්දියාවට වැදගත්කමක් ලබාදී තිබෙනවා.

1947 වසරේ එම දිනයේදී ඉන්දීය හමුදාවේ පාබල සෙබළු ශ්‍රීනගර් ගුවන් තොටුපළට ගොඩබැස, කාශ්මීරය වැටලූ පාකිස්ථානයේ සහාය ලැබූ හමුදාව පළවා හැරි අතර 1947 ඔක්‌තෝබර් 22 වැනිදා පාකිස්ථාන හමුදාව ශ්‍රීනගර් අල්ලා ගැනීම සඳහා “ගුල්මාර්ග් මෙහෙයුම” දියත් කළා.

ඒ වෙනුවෙන් පෂ්තුන් ගෝත්‍රික ජනයා 2000 ක් පමණ සන්නද්ධව පුහුණු කර ශ්‍රීනගර් වෙත පිටත්කර හරින ලද අතර අවසානයේ ඉන්දීය සන්නද්ධ හමුදා මිටියාවතට ගුවනින් ගොස් කාශ්මීරය සිය පාලනයට නතු කර ගත්තා.

පාකිස්ථානය, ඔක්තෝබර් 27වැනිදා කළු දිනයක් ලෙස සමරන අතර මෙම කළු දිනය පිටුපස ඇති හේතුව වන්නේ, ඔක්තෝබර් 27 වන දින ඉන්දියාව කාශ්මීරය අත්පත් කර ගත් බවට ව්‍යාජ ප්‍රකාශයක් නිකුත් වීම නිසා බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඇකාශ්මීරය නීත්‍යානුකූලව ඉන්දියාවට ඒකාබද්ධ වූයේ අනෙකුත් සියලුම බ්‍රිතාන්‍යය රාජකීය රාජ්‍යයන් විසින් අත්සන් කරන ලද ප්‍රවේශවීමේ ගිවිසුමකට අත්සන් කිරීමෙන් පසුවයි.

ඉන්දියාව අපකීර්තියට පත් කිරීමට භාවිත කරන හෑෂ්-ටැග්, ෆ්ලයියර්,පෝස්ටර් සහ බැනර් ඇතුළු සමාජ මාධ්‍ය ආම්පන්න සියල්ල ඇතුලත්ව පාකිස්ථානය කාශ්මීරයට සම්බන්ධ ප්‍රබන්ධ ලෝකයට සම්ප්‍රේෂණය කළ බවටයි චෝදනා එල්ල වුණේ.

ඔක්තෝබර් 27 විසින් සමරන ‘කළු දිනය’ පාකිස්ථානය විසින් මේ වන විට තවදුරටත් ව්‍යාප්ත කර තිබෙනවා.

එනම් කාශ්මීරය පදනම් කරගෙන තවත් දිනයක් ප්‍රකාශයට පත්කරමිනි.

එනම්, සෑම වසරකම පෙබරවාරි 05 වැනිදා සමරනු ලබන ‘කාශ්මීර සහයෝගිතා දිනය’ සමගිනි. පෙරකී කළු දිනය මෙන්ම පෙබරවාරි 05 වැනිදා සැමරුමද පාකිස්ථානය විසින් ප්‍රචාරය කරනු ලබන්නේ, ඉන්දීය රාජ්‍යයට එරෙහි ප්‍රචාරක මෙවලම් හරහා බවයි පැවසෙන්නේ. කාශ්මීර සහයෝගිතා දිනය පළමු වරට පාකිස්ථානය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබුවේ 1990 වසරේදීය. එවකට පකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයේ මහ ඇමතිවරයාව සිටි නවාස් ෂරීෆ් එම සැමරුම දියත් කළා.

එතැන් සිට සෑම වසරකදීම පාකිස්ථානය විසින් මෙම දිනය භාවිත කරනු ලබන්නේ ඉන්දීය විරෝධී කණ්ඩායම් ඉලක්ක කරගෙන බවටයි චෝදනා එල්ල වන්නේ.

එසේම ජම්මු හා කාශ්මීර කලාපයේ ප්‍රචණ්ඩත්වය ව්‍යාප්ත කිරීම එමගින් සිදුවන බවටයි චෝදනා එල්ල වන්නේ.

කෙසේවෙතත් ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 සංශෝධනය යටතේ ජම්මු සහ කාශ්මීරයට විශේෂ තත්වයක් ලබාදෙමින්, වෙනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්, ප්‍රාන්ත ධජයක් සහ අභ්‍යන්තර පරිපාලනයේ ස්වයං පාලනයක් යටතේ ක්‍රියාත්මක වීමට අවස්ථාව සැලසීමත් සමග කාශ්මීර කලාපයේ ප්‍රචණ්ඩත්වය වියැකී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

කලාපය මේ වන විට ඉතාම සාමකාමී වන නමුත් තවදුරටත් කළු දිනය සහ කාශ්මීර සහයෝගිතා දින සැමරුම් වැනි ප්‍රචාරක උපක්‍රම මගින් කලාපයේ සාමකාමීත්වයට බාධා එල්ල වන බවට ද මත පලව තිබෙනවා.

කෙසේවෙතත් 2019 අගෝස්තු මාසයේ සිදුකෙරුණු පෙරකී ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව කාශ්මීරයේ සාමාන්‍ය ජනතාවගෙන් හෝ බෙදුම්වාදී ව්‍යාපාරවලින් කිසිදු සහයක් ලබාගැනීමට පාකිස්ථානයට හැකියාවක් ලැබී නැති බවද පැවසෙන අතර විශේෂයන් කලාපයේ සාමාන්‍ය ජනතාවට තවදුරටත් ප්‍රචණ්ඩත්වය නොවන අතර, ඔවුන්ට පැහැදිලිවම අවශ්‍යව ඇත්තේ දිනෙන් දින ජයග්‍රහණ ලබමින් ඉදිරියට ගමන් කරමින් ලොව ඉදිරියට ගමන් කිරීම බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

Share This