පැය 90 කට පමණ පසු “සුන්බුන් අතරින් බේරාගත් බිළිඳා” (VIDEO)

පැය 90 කට පමණ පසු “සුන්බුන් අතරින් බේරාගත් බිළිඳා” (VIDEO)

දකුණු තුර්කියේ භූමිකම්පාව සිදුවී පැය 90 කට පමණ පසු, සුන්බුන් අතරින් බිළිඳෙකු සහ ඔහුගේ මව බේරාගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

Yagiz නම් දින 10 ක් වයසැති මෙම පිරිමි දරුවා Hatay පළාතේ සිටියදී බේරාගත් බවයි පැවසෙන්නේ.

දරුවා සුන්බුන් අතරින් එළියට ගෙන උණුසුම සහිත බ්ලැන්කට්ටුවක ඔතා මවද සමගින් රෝහල වෙත පිටත් කර ඇති අතර ඔවුන්ගේ සෞඛ්‍ය පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

එමෙන්ම සිදුවූ භූමිකම්පාවෙන් පසු දරුවන් කිහිපදෙනෙක් බේරාගත් ආකාරය සහ සුරතල් සත්ත්වයන් බේරාගත් ආකාරය පහතින් නැරඹිය හැකියි.

Share This