අමෙරිකාවෙන් හඳුනා නොගත් යානයකට ප්‍රහාරයක්

අමෙරිකාවෙන් හඳුනා නොගත් යානයකට ප්‍රහාරයක්

ඇලස්කාවට ඉහළ අහසේ පියාසර කළ හඳුනා නොගත් යානයකට ජෙට් යානයක් ආධාරයෙන් ප්‍රහාරයක් එල්ල කළ බව ධවල මන්දිරය පවසනවා.

ධවල මන්දිර ප්‍රකාශක John Kirby ප්‍රකාශ කර ඇත්තේ මිනිසුන් රහිත අදාල යානය අයත් පාර්ශ්ව සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවයි.

කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපති Joe Biden ලබා දුන් නිගෝගයක් මත හඳුනා නොගත් එම යානය සඳහා ජෙට් යානයක් ආධාරයෙන් ප්‍රහාරයක් එල්ල කර බිම හෙලූ බව ධවල මන්දිර ප්‍රකාශක John Kirby සඳහන් කර තිබෙනවා.

මතභේදාත්මක චීන පර්යේෂණ බැලූනය විනාශයට පත් කර සතියක පමණ කාලයකින් පසුව අමෙරිකාව විසින් අදාල ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් වාර්තා පෙන්වාදෙන්නේ.

Share This