ෆිජී රාජ්‍යය ඉන්දියාවට සමීප වීමේ සුදානමක්

ෆිජී රාජ්‍යය ඉන්දියාවට සමීප වීමේ සුදානමක්

ඉන්දියාව සමග සමීප සබඳතා පවත්වා ගෙන යාමට සූදානම් බව ෆිජී දූපත් රාජ්‍යයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය බිමාන් ප්‍රසාද් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු ඒ බව සඳහන් කර ඇත්තේ සිය ඉන්දීය සංචාරය අරඹමිනුයි.

ෆිජී හි නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා දින 05 ක් පුරා ඉන්දියාවේ රැඳී සිටීමට නියමිතයි.

ෆිජී රාජ්‍යයේ බලයට පත්වූ නව රජයේ නියෝජිතයෙකු විදේශ සංචාරයක නිරත වන පළමු අවස්ථාව ද මෙය වනවා.

දේශගුණික ඉලක්ක සපුරා ගැනීමේ දී හා පොදු ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සපුරා ගැනීමේදී ඉන්දියාව සහ ෆිජී රාජ්‍යය සහයෝගයෙන් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළා.

මෙම සංචාරයේදී ෆීජි නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවේ ඛණිජ තෙල් හා ස්වාභාවික ගෑස්, නිවාස හා නාගරික කටයුතු අමාත්‍ය හර්දීප් සිං ද හමුවුණා.

එහිදී බලශක්ති, තාක්ෂණ, යටිතල පහසුකම් හා නිවාස යන ක්ෂේත්‍ර සඳහා ඉන්දියාවේ සහය ලබාගැනීම සම්බන්ධයෙන් ෆීජි හි නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා පවත්වා තිබෙනවා.

Share This