රුසියාවට පනවන සම්බාධක හමුවේත් නොනවතින සබඳතා

රුසියාවට පනවන සම්බාධක හමුවේත් නොනවතින සබඳතා

බටහිර රටවලින් රුසියාවට පනවන සම්බාධක ඉන්දියාව සහ රුසියාව අතර පවතින ආරක්ෂක සබඳතාව සඳහා කිසිඳු දිනෙක බාධාවක් නොවනු ඇති බව න්‍යෂ්ටික බලය සහිත සුපර්සොනික් වර්ගයේ මිසයිල නිපදවීමේ විශේෂඥ හැකියාවෙන් යුතු BrahMos Aerospace ආයතනය පවසනවා.

දෙරට අතර හවුල්කාරීත්වය පවතින්නේ විශ්වාසය මත බවයි එම ආයතනය පවසන්නේ.

ඉන්දියාව සහ රුසියාව අතර හවුල්කාරී BrahMos ආයතනය මේ වන විට BrahMos II හයිපසොනික් කෲස් මිසයිල සංවර්ධනය කිරීමේ කටයුතු සිදුකරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

බටහිර ප්‍රජාවගේ උත්සහයන් හමුවේ ඉන්දු – රුසියානු ආරක්ෂක හවුල්කාරිත්වය නතර නොවනු ඇති බවත්, සමාගමේ මෙහෙයුම් කටයුතු සඳහා බලපෑමක් නොවනු ඇති බවත් එම ආයතනය පෙන්වා දෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

Share This