තවත් හඳුනා නොගත් වස්තුවකට ප්‍රහාරයක්

තවත් හඳුනා නොගත් වස්තුවකට ප්‍රහාරයක්

උතුරු ඇමෙරිකානු ගුවන් සීමාවට ඉහළින් තවත් හඳුනා නොගත් වස්තුවක් බිම හෙළා ඇති බව කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ (Justin Trudeau) තහවුරු කරනවා.

ඒ අදාළ හඳුනා නොගත් වස්තුව කැනේඩියානු ගුවන් සීමාව උල්ලංඝණය කිරීම හේතුවෙන්.

ඊට වයඹ දිග කැනඩාවේ යුකොන් ප්‍රදේශයේදී වෙඩි තැබූ බවද අගමැතිවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම අදාළ ප්‍රහාර සම්බන්ධයෙන් තමා ලබා දුන් නියෝගය පිළිබඳ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සමඟ කතා කළ බවද කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා පැවසුවා

Share This