අමෙරිකාවේ දේපළ ගැන ගන්න හදන තීරණය

අමෙරිකාවේ දේපළ ගැන ගන්න හදන තීරණය

චීන වැසියන් විසින් දේපළ මිලදී ගැනීම සම්බන්ධයෙන් අමෙරිකාව තුළ විරෝධයක් ගොඩනැගෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ අනුව අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තය චීන වැසියන්ට දේපළ මිලදීගැනීම තහනම් කිරීම සලකා බලමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ආරක්ෂාව සම්බන්ධයෙන් මතුවූ ගැටළු හේතුවෙන් මෙලෙස චීන වැසියන්ට දේපළ විකිණීම මතභේදාත්මක තත්ත්වයක් උද්ගත කර ඇතැයි එම වාර්තාවල සඳහන් වනවා.

එමෙන්ම චීනය සමඟ පවතින මතභේදාත්මක තත්ත්වයන් හමුවේ අමෙරිකාවේ අනෙක් ප්‍රාන්තවල ද චීන වැසියන් සඳහා දේපළ අලෙවි කිරීම තහනම් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුවිය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ටෙක්සාස් ප්‍රාන්තය ගෙනැවිත් තිබෙන යෝජනාව මගින් රුසියානු, ඉරාන සහ උතුරු කොරියානු වැසියන්ට ද එම ප්‍රාන්තයේ පවතින නිශ්චල දේපළවල හිමිකාරීත්වය දැරීම තහනම් වනු ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව අමෙරිකාවේ Florida, Arkansas, South Dakota සහ තවත් ප්‍රාන්ත 08 ක් සිය ඉඩම්, විදේශිකයින් විසින් අයිතිය හිමිකර ගැනීම වැළැක්වීම සඳහා නීතිගෙන ඒම සලකා බලමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

 

 

Share This