සුන්බුන් අතරින් මුදාගත් ‘ගැබිණි කත’ පුතෙක් බිහි කරයි – දෙවන වරටත් නිවස කඩා වැටේ

සුන්බුන් අතරින් මුදාගත් ‘ගැබිණි කත’ පුතෙක් බිහි කරයි – දෙවන වරටත් නිවස කඩා වැටේ

භූමිකම්පාවෙන් විපතට පත් වූ සිය නිවසේ සුන්බුන් අතරින් මුදාගත් සිරියානු මවක් සහ ඇගේ අලුත උපන් බිළිඳා සුවය ලබමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.

පසුගිය සතියේ ඇති වූ භූමිකම්පාවෙන් ජින්ඩයිරිස්හි පිහිටි නිවසේ කොටසක් කඩා වැටෙන විට ‘ඩීමා’ නම්වන මෙම කාන්තාව මාස හතක ගැබිණියක්ව සිටියා.

ඇය සුළු තුවාල ලැබූ අතර පසුව සිරියානු ඇමරිකානු වෛද්‍ය සංගමයේ සහාය ඇතිව ඇෆ්‍රින්හි රෝහලකදී පිරිමි දරුවෙකු බිහි කර තිබෙනවා.

දින තුනකට පසු මොවුන් නිවසට පැමිණ ඇති අතර දෙවනවර ඇතිවූ භූකම්පනයෙන් පසු මොවුන්ගේ නිවස සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

එහිදී ගලවාගැනීම්කරුවන් විසින් ඔවුන්ව රෝහල වෙත ගෙන එන ලද අතර ඩීමාට පාදයේ බරපතල තුවාලයක් සඳහා ප්‍රතිකාර කර තිබෙනවා.

ළමා රෝග විශේෂඥ වෛද්‍ය අබ්දුල්කරීම් හුසේන් අල්-ඊබ්‍රාහිම් BBC පුවත් සේවයට පවසා ඇත්තේ දරුවා ප්‍රතිකාර සඳහා හොඳින් ප්‍රතිචාර දක්වන බවයි.

ඩීමා නැවත වරක් රෝහලෙන් පිටව ගොස් ඇති අතර ඇගේ සැමියා වන අබ්දුල් මජිඩ් සහ ඔවුන්ගේ බෑනනුවන් නව දෙනා සමග කූඩාරමක ජීවත් වන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඇගේ දරුවාවන අද්නාන් මේවන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

Share This