Marburg වෛරසය වැළඳුනු බවට ‘සැක සහිත’ තවත් දෙදෙනෙකු හමුවේ

Marburg වෛරසය වැළඳුනු බවට ‘සැක සහිත’ තවත් දෙදෙනෙකු හමුවේ

Marburg වෛරසය වැළඳුනු බවට සැක සහිත රෝගීන් දෙදෙනෙකු හඳුනාගෙන ඇති බව කැමරූන්හි සෞඛ්‍ය නිලධාරීන්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසනවා.

සෞඛ්‍ය නිලධාරීන් මොවුන් සමග සමීප සබඳතා පැවැත්වූ සෑම කෙනෙකුම සොයා ගැනීමට උත්සාහ කරමින් සිටින බවයි එම මාධ්‍ය වාර්තා මගින් සඳහන් වන්නේ.

වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නැගෙනහිර ඉක්වටෝරියල් ගිනියාව සමග සමීප සබඳතා පැවැත්වූ අය සොයා ගැනීමට කණ්ඩායම් යවා ඇති බවද වාර්තා වනවා.

ගිනියාවේ මෙම රෝගයෙන් පමණක් පුද්ගලයින් 9 දෙනෙකු දැනට මිය ගොස් ඇති අතර කැමරූන් හි දකුණු මායිම් ප්‍රදේශයේ සංචරණ සීමා කිරීම් දැනටමත් ක්‍රියාත්මක කර තිබෙනවා.

Share This