ජෝ බයිඩන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන හෙළිදරව්වක්

ජෝ බයිඩන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන හෙළිදරව්වක්

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් රාජකාරි සාර්ථකව ඉටු කිරීමට සුදුසු තරමේ සෞඛ්‍ය සම්පන්න බවකින් සහ ජවසම්පන්න භාවයකින් සිටින බව ධවල මන්දිරයේ වෛද්‍යවරයා සඳහන් කර තිබෙනවා.

වොෂින්ටන් ප්‍රදේශයේ රෝහලකදී පැය තුනක ශාරීරික පරීක්ෂණයක් කිරීමෙන් පසු මෙය වෛද්‍යවරයා විසින් පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

80 හැවිරිදි එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට මෙතෙක් සිටි වයස්ගතම ජනාධිපතිවරයා බවද විදෙස් මාධ්‍ය පවසනවා

එමෙන්ම ඔහු දෙවන ධුර කාලය සඳහා ද ඉදිරිපත් වන බව නුදුරේදීම ප්‍රකාශ කරනු ඇතැයිද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

Share This