ඉන්දීය හා ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරුන් අතර සාකච්ඡාවක්

ඉන්දීය හා ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරුන් අතර සාකච්ඡාවක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා අතර දුරකතන සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී G20 සභාපතිත්වයේදී ඉන්දියාව ලබාදෙන ප්‍රමුඛතා සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

වර්ධනය වෙමින් ඇති ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් ද එහිදී අග්‍රාමාත්‍යවරුන් අවධානය යොමු කර තිබෙනවා.

G20 සභාපතිත්වය වෙනුවෙන් ඉන්දියාවට පූර්ණ සහයෝගය ලබා දෙන බවයි ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත්තේ.

ඒ සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග අඛණ්ඩව සම්බන්ධතා පවත්වා ගෙන යන බව ද ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා එහිදී පවසා තිබෙනවා.

Share This