යුද්ධයට ‘ආයුධ සහ පතුරම්  දෙන්න’ චීනය සුදානම් ?

යුද්ධයට ‘ආයුධ සහ පතුරම් දෙන්න’ චීනය සුදානම් ?

යුක්‍රේනයේ පවතින යුද්ධය සඳහා රුසියාවට ආයුධ සහ පතුරම්  ලබාදීමට චීනය සලකා බලමින් සිටින බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පවසා තිබෙනවා.

චීන සමාගම් දැනටමත් රුසියාවට සහය ලබාදෙන බවයි එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා CBS ප්‍රවෘත්ති සේවයට සඳහන් කර තිබෙන්නේ.

මේ අතර මොස්කව් හමුදා උපකරණ ඉල්ලා ඇති බවට පළවන වාර්තා චීනය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

චීන ජනාධිපති ෂී ජින්පින්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ මිත්‍රයෙකු වන අතර තවමත් රුසියාවේ ආක්‍රමණය හෙළා දැක නැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

චීනයේ විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ රුසියාව සමග ඇති සබඳතා සම්බන්ධයෙන් එක්සත් ජනපදයෙන් කෙරෙන චෝදනා පිළි නොගන්නා බවයි.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී චීනයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරි වැන්ග් යී හමුවීමෙන් පසු CBS ප්‍රවෘත්ති සේවය වෙත අදහස් දක්වමින් සඳහන් කර තිබෙන්නේ චීනයට රුසියාවට ලබා දිය හැක්කේ මූලික වශයෙන් ආයුධ මෙන්ම පතොරම් බවයි

පෙබරවාරි මස මුලදී එක්සත් ජනපදය විසින් චීන ඔත්තු බැලූ බැලූනයක් වෙඩි තබා බිම හෙලීමෙන් පසුව වොෂින්ටනය සහ බීජිං අතර සබඳතා දැනටමත් දුර්වල තත්ත්වයේ පවතින බවද විදෙස් මාධ්‍ය පවසනවා.

නමුත් යුක්‍රේනයේ රුසියානු හමුදාවන්ට උපකාර කිරීම සඳහා චීනය ආයුධ ලබා දෙන්නේ නම්, එක්සත් ජනපද-චීන සබඳතා වඩාත් දරුණු ලෙස පිරිහී යනු ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

Share This