මානව හිමිකම් උල්ලංඝනයට එරෙහිව බ්‍රිතාන්‍යයෙන් ප්‍රබල විරෝධයක්

මානව හිමිකම් උල්ලංඝනයට එරෙහිව බ්‍රිතාන්‍යයෙන් ප්‍රබල විරෝධයක්

චීනයේ ෂින්ජියැන්ග් පළාතේ ආණ්ඩුකාර Erkin Tuniyaz සිය බ්‍රිතාන්‍ය සංචාරයක් අවලංගු කර තිබෙනවා.

ඒ, බ්‍රිතාන්‍යයෙන්ම එල්ල වූ විරෝධයක් හේතුවෙන්.

විදෙස් මාධ්‍ය පැවසුවේ ෂින්ජියෑන් පළාතේ වෙසෙන උයිගර් වැසියන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වලට එරෙහිව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් දැඩි විරෝධයක් පළ කර ඇති බවයි.

ඒ හමුවේ ෂින්ජියෑන් ආණ්ඩුකාරවරයා සිය බ්‍රිතාන්‍ය සංචාරය අවලංගු කර ඇතැයි දැනුවත් වූ බව බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් කාර්යාලය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම සංචාරය සිදු කෙරෙන දිනයක් හෝ මෙතෙක් වාර්තා කර නැහැ.

Share This