සුන්බුන් අතරින් සොයා ගත් ‘ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩකයාගේ දේහය’ උපන් බිමට ගෙන යයි

සුන්බුන් අතරින් සොයා ගත් ‘ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩකයාගේ දේහය’ උපන් බිමට ගෙන යයි

සති දෙකකට පෙර තුර්කියට බලපෑ භූමිකම්පාවකින් මියගිය පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියන් අට්සුගේ දේහය ඔහුගේ උපන් ගම වන ඝානාව වෙත රැගෙන ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

ඔහුගේ දේහය ගුවන් යානයකින් ඇක්රා වෙත රැගෙන ආ අතර එය භාරගනු ඝානාවේ සන්නද්ධ හමුදා සාමාජිකයින් විසිනුයි.

ක්‍රිස්ටියන් අට්සුගේ සිරුර දකුණු තුර්කියේ පිහිටි ඔහුගේ කඩා වැටුණු නිවසේ සුන්බුන් යට තිබියදී සොයා ගෙන ඇති අතර Hatayspor ක්‍රීඩා සමාජයට ඔහු තම දායකත්වය ලබා දී ඇති බවයි පැවසෙන්නේ.

ඔහු ඝානාවේ ජාතික කණ්ඩායම වෙනුවෙන් 65 වතාවක් ක්‍රීඩා කළ අතර ඔහුගේ කණ්ඩායමට 2015 වසරේදී අප්‍රිකානු ජාතීන්ගේ කුසලානයේ අවසන් තරගයට පැමිණීමටද   දායක වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

31 හැවිරිදි ඔහු ප්‍රිමියර් ලීග් කණ්ඩායම්වන එවර්ටන් සහ නිව්කාසල් සඳහා ද ක්‍රීඩා කර තිබෙනවා.

Share This