ඕස්ට්‍රේලියානු මහාචාර්යවරයෙකු ඇතුලු පිරිසක් පැහැරගනී

ඕස්ට්‍රේලියානු මහාචාර්යවරයෙකු ඇතුලු පිරිසක් පැහැරගනී

ඕස්ට්‍රේලියානු මහාචාර්යවරයෙකු ඇතුලු පර්යේෂකයින් කණ්ඩායමක් පැපුවා නිව්ගිනියාවේ දී ප්‍රාණ ඇපයට ගෙන තිබෙනවා.

ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් කඳුකර ප්‍රදේශයක පර්යේෂණයේ නිරතව සිටි එම පිරිස ප්‍රාණ ඇපයට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ කණ්ඩායම විසින් ප්‍රාණ ඇපයට තබා ගත් ඕස්ට්‍රේලියානු මහාචාර්යවරයා ඇතුලු පර්යේෂකයින් කණ්ඩායම මුදා හැරීම සඳහා කප්පම් මුදලක් ද ඉල්ලා ඇති බව සඳහන්.

පැපුවා නිව්ගිනියා අග්‍රාමාත්‍ය James Marape පවසන්නේ අතුරුදන් වූ පිරිස බලධාරීන් සමග සබදතා පවත්වා ඇති අතර ඔවුන් ආරක්ෂිතව පසුවන බවයි.

පැහැර ගැනීමට ලක් වූ පිරිස නිරුපද්‍රිතව බේරාගැනීමට අපේක්ෂා කරන බව පැපුවා නිව්ගිනියා අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

Share This