තුර්කියේ යළිත් සිදුවූ භූමිකම්පාවෙන් 6ක් ජීවිතක්ෂයට (UPDATE 01)

තුර්කියේ යළිත් සිදුවූ භූමිකම්පාවෙන් 6ක් ජීවිතක්ෂයට (UPDATE 01)

ඊයේ (20) සිදුවූ භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සිරියාවේ දේශසීමා ආසන්නයේ ඇන්ටාක්‍යා නගරය ආසන්නයේ රික්ටර් මාපකයේ 6.4 ක කම්පනයක් ඇති වූණා

මීට සති දෙකකට පමණ පෙර ඇති වූ භූමිකම්පාවලින් තුර්කියේ සහ සිරියාවේ පුද්ගලයින් 44,000 ක් මිය ගිය අතර තවත් දහස් ගණනකට නිවාස අහිමිවූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවා.

එරට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය Fahrettin Koca පවසා තිබෙන්නේ පුද්ගලයින් 294 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

ඔවුන්ගෙන් 18 දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

පෙබරවාරි 6 වනදා ඇති වූ භූමිකම්පාවෙන් දරුණු ලෙස පීඩාවට පත් වූ ප්‍රදේශයක යළිත් භූමිකම්පාව ඇති වූ නිසා මෙවර මරණ සංඛ්‍යාව සාපේක්ෂව අඩු විය හැකි බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

…………………………………………………………………………………………………………

Feb 21, 2023 at 09:08

නැවතුණු මෙහෙයුම් යළිත් අරඹයි -තුර්කියේ සිදුවූ භූකම්පන ඊජිප්තුවට සහ ලෙබනනයටද දැනෙයි(VIDEO)

ඊයේ(20) තුර්කියේ ඇතිවූ භූමිකම්පා දෙකකින් පසු සුන්බුන් යට සිරවී සිටින පුද්ගලයින් සෙවීමට සහනකරුවන් යළිත් වරක් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.

සිරියාවේ දේශසීමා ආසන්නයේ ගිනිකොන දෙසින් රික්ටර් මාපක 6.4 සහ 5.8 ක කම්පන ඇතිව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

තුර්කියේ ආපදා සහ හදිසි ඒජන්සිය පවසන්නේ 6.4 ක කම්පනය සිදුවී මිනිත්තු තුනකට පසුව 5.8 ක භූමිකම්පාව ඇති වූ බවයි.

භූමිකම්පාවෙන් ජීවිත තුනක් මේ වනවිට අහිමි ඇති බවත් ඔවුන් Antakya, Defne සහ Samandag යන ප්‍රදේශවල බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Süleyman Soylu පවසා තිබෙන්නේ අනතුරුදායක විය හැකි ගොඩනැගිලිවලට ඇතුළු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

ඇතිවූ භූමිකම්පාවෙන් පසු තුවාල ලැබූ පුද්ගලයින් 470 ක් පමණ රෝහල් වෙත ගෙන ගොස් ඇති අතර, එය ඊජිප්තුවට සහ ලෙබනනයට ද දැනුණු බව විදෙස් වාර්තා කරනවා.

සති දෙකකට පමණ පෙර තුර්කි -සිරියා දේශ සීමාවේ සිදුවූ භූ කම්පනයෙන් පසු තුර්කියේ පළාත් දෙකක හැර සෙසු ප්‍රදේශවල ගලවා ගැනීමේ උත්සාහයන් අවසන් කර ඇති බව එරට ආපදා ඒජන්සිය ඊයේ (20) සඳහන් කළා.

Share This