බ්‍රසීලයේ ඇතිවූ ගංවතුර සහ නායයෑම් නිසා මිය ගිය ගණන තවත් ඉහළට

බ්‍රසීලයේ ඇතිවූ ගංවතුර සහ නායයෑම් නිසා මිය ගිය ගණන තවත් ඉහළට

බ්‍රසීලයේ São Paulo ප්‍රාන්තයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 40 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

බොහෝ පිරිසක් අතුරුදන් වී ඇති අතර මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරනවා

එමෙන්ම ගංවතුරට හසු වූ නිවාසවල සිරවී සිටින ජනතාව බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක් යොදවන බවයි ගලවා ගැනීමේ සේවකයින් සඳහන් කරන්නේ.

වෙරළබඩ නගරයක් වන São Sebastião ප්‍රදේශයට පැය 24ක කාලයක් තුළ මිලිමීටර් 627 ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This