තායිලන්ත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සුදානමක්

තායිලන්ත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සුදානමක්

එළඹෙන මාර්තු මාසයේ දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තමන් සුදානම් බව තායිලන්ත අග්‍රාමාත්‍ය Prayuth Chan-ocha පවසනවා.

ඒ අනුව ලබන මැයි මස 7 වනදා මහ මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.

එරට ආණ්ඩුවේ ධුර කාලය මාර්තු 23 වනදා අවසන් වන නමුත් අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් සිදු කරමින් Prayuth Chan-ocha මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු නැවත වරක් ජනාධිපති ධුරයට පත් වීමට අපේක්ෂාවෙන් පසුවන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ.

Share This