ජය යුක්‍රේනයට – ප්‍රශංසා මැද ජෝ බයිඩන්ගෙන් ප්‍රකාශයක්  (VIDEO)

ජය යුක්‍රේනයට – ප්‍රශංසා මැද ජෝ බයිඩන්ගෙන් ප්‍රකාශයක් (VIDEO)

බටහිර රටවල සහයෝගය මත යුක්‍රේනයට ජය ගැනීම අපහසු  නොවන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසනවා.

එමෙන්ම නේටෝවේ කාර්යයභාරය වූයේ නිදහස් ලෝකය ආරක්ෂා කිරීම සහ සහාය දැක්වීම බවත් යුක්‍රේනය මෙම යුද්ධය ජයගත යුතු බවත් ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ජනාධිපති ජෝ බයිඩන් රුසියානු ආක්‍රමණයට එරෙහිව නැගී සිටීම සම්බන්ධයෙන් බටහිර රටවල් ප්‍රශංසා කර ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

පෝලන්ත ජනාධිපති Andrzej Duda කියා සිටියේ ඇමරිකානු ජනාධිපතිවරයා කියෙව් වෙත සංචාරය කිරීමෙන් පසු ඔහු නිදහස් ලෝකයේ කිසිවකට බිය නොවන බව පෙන්නුම් කළ බවයි.

මේ අතර රුසියානු ජනාධිපතිවරයාගේ වාර්ෂික කථාවේදී යුද්ධය අවසන් වන්නේ කෙසේද යන්න පිළිබඳ කිසිදු ඇඟවීමක් සිදු කර නොමැති බවද විදෙස් මාධ්‍ය පවසනවා

2010 වසරේදී එක්සත් ජනපදය සමග අත්සන් කරන ලද න්‍යෂ්ටික අවි පාලන ගිවිසුම අත්හිටුවන බව මෙහිදී රුසියානු ජනාධිපතිවරයා නිවේදනය කර තිබෙනවා .

Share This