කොංගෝ ජනරජයේ සහ රුවන්ඩාවේ හමුදා ප්‍රධානීන්ට සම්බාධක

කොංගෝ ජනරජයේ සහ රුවන්ඩාවේ හමුදා ප්‍රධානීන්ට සම්බාධක

එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය සහ යුරෝපා සංගමය නැගෙනහිර කොංගෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනරජයේ පවතින සටන්වලට සම්බන්ධ හමුදාපතිවරුන් සහ නායකයින් ඉලක්ක කර ගනිමින් නව සම්බාධක ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම නව සම්බාධක කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ සහ රුවන්ඩාවේ හමුදා අණ දෙන නිලධාරීන් ඉලක්ක කර ගනු ඇති බවයි බීබීසීය වාර්තා කරන්නේ.

මෑත දිනවල කැරලිකාර කණ්ඩායම් අතර සටන් උත්සන්න වී ඇති අතර මෙම ගැටුම්වලින් එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයන් ඇතුළු දහස් ගණනක් මිනිසුන් මිය ගොස් මිලියන ගණනක් අවතැන් වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Share This