ප්‍රංශයේ පාසල් සිසුවෙකු ගුරුවරිය ඝාතනය කරයි

ප්‍රංශයේ පාසල් සිසුවෙකු ගුරුවරිය ඝාතනය කරයි

ප්‍රංශයේ Saint-Jean-de-Luz නගරයේ පාසලක සිසුවෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී ගුරුවරියක ඝාතනය කර තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එලෙස ප්‍රහාරය එල්ල කළ සිසුවා 16 හැවිරිදි වියේ පසු වන අතර ඔහු පාසල තුළදී අත්අඩංගුවට ගත් බවයි

ගුරුවරිය ඉගැන්වීමේ කටයුතුවල නිරතව සිටින අතරතුර සිසුවා විසින් පිහිය රැගෙන පන්ති කාමරයට පැමිණ ඇයට පහරදී ඇති බව සඳහන්.

වයස අවුරුදු 50ක් පමණ වන ස්පාඤ්ඤ ජාතික ගුරුවරියක් මෙලෙස ඝාතනයට ලක් ඇති අතර සිද්ධියට අදාළ සිසුවා කිසියම් මානසික රෝගී තත්ත්වයකින් පෙලෙන අයෙකු බවට ද අනාවරණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

Share This