අසල්වැසි ඉන්දියාවේ ඇති වීමට ඉඩ ඇත්තේ ‘රිච්ටර් මාපක 8.0 ඉක්මවන’ භූකම්පනයක්

අසල්වැසි ඉන්දියාවේ ඇති වීමට ඉඩ ඇත්තේ ‘රිච්ටර් මාපක 8.0 ඉක්මවන’ භූකම්පනයක්

ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශය,නේපාලයේ බටහිර ප්‍රදේශය සහ උත්තරකාන්ද් ඇතුළු බටහිර ප්‍රදේශ අතර ඕනෑම වේලාවක භූමිකම්පා ඇතිවීමේ අවදානමක් පවතින බව ජාතික භූ භෞතික පර්යේෂණ ආයතනයේ ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය එන් පූර්ණචන්ද්‍ර රාඕ කළ ප්‍රකාශය පිළිබඳව ජාත්‍යන්තරයේ අවදානය යොමුව තිබෙනවා.

එරට ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය (NDMA) පවසා තිබෙන්නේ සමස්ත හිමාලයානු තීරය ද රිච්ටර් මාපක 8.0 ඉක්මවන විශාල භූමිකම්පාවලට ලක්වීමේ අවදානමක් පවතින බවයි

හයිද්‍රාබාද්හි පෘථිවි පෘෂ්ඨය නිරන්තරයෙන් චලනය වන බවත්, ඉන්දියානු භූ තලය වසරකට සෙන්ටිමීටර 5 ක් පමණ චලනය වන බවත් ජාතික භූ භෞතික පර්යේෂණ ආයතනයේ ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය එන් පූර්ණචන්ද්‍ර රාඕ සඳහන් කර තිබෙනවා.

ඒ අනුව හිමාලය දෙසින් විශාල භූමිකම්පාවක් ඇතිවීමේ හැකියාව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

උත්තරකාන්ද් ප්‍රදේශය භූ චලනයන් නිරීක්ෂණය කිරීම සඳහා භූ කම්පන මධ්‍යස්ථාන 18 ක ශක්තිමත් ජාලයකින් සමන්විත බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

ජාතික භූ භෞතික පර්යේෂණ ආයතනයේ ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය එන් පූර්ණචන්ද්‍ර රාඕ විසින් මෙම අනාවැකිය පළකරන්නේ තුර්කියේ සහ සිරියාවේ රික්ටර් පරිමාණයේ 7.8 ක දැවැන්ත භූමිකම්පාවකින් පසුවයි.

එම භූමිකම්පාවෙන් පුද්ගලයින් 45,000 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වුණා

 

Share This