ගිනි කන්දක් ආසන්නයට කඩා වැටුණු යානයේ සිටි ‘පිරිසගේ සිරුරු ගෙන ඒමත් ‘ අභියෝගයක්

ගිනි කන්දක් ආසන්නයට කඩා වැටුණු යානයේ සිටි ‘පිරිසගේ සිරුරු ගෙන ඒමත් ‘ අභියෝගයක්

පසුගිය සතියේ පිලිපීනයේ සක්‍රීයව පවතින ගිනි කන්දක් ආසන්නයට කඩා වැටුණු කුඩා ගුවන් යානයක සිටි පුද්ගලයින් සිව් දෙනාගේම සිරුරු වැටී ඇති ස්ථාන සහනකරුවන් විසින් සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

පිලිපීන ගුවන් නියමුවන් දෙදෙනා සහ එහි සිටි ඕස්ට්‍රේලියානු මගීන් දෙදෙනෙකු මිය ගිය බවයි බලධාරීන් විසින් තහවුරු කර තිබෙන්නේ.

ගුවන් යානාවේ සුන්බුන් ආවාටයේ සිට මීටර් 300ක් පමණ දුරින් දක්නට ලැබුණු අතර ඒ අනුව පසුගිය ඉරිදා (19) සිට ගවේෂණ කණ්ඩායම් මයෝන් ගිනි කන්දේ බෑවුම් පරික්ෂා කර තිබෙනවා

ඒ අනුව මෙම සිරුරු සොයාගෙන ඇති නමුත් සිරුරු ආරක්ෂිතව ගැනීමේ අභියෝගයට කණ්ඩායම් දැන් මුහුණ දී ඇති බවයි නිලධාරීහු පවසන්නේ

පිලිපීන ප්‍රාදේශීය බලධාරීන් පවසන්නේ යානය කඩා වැටීමට හේතුව සොයා බලමින් සිටින බවයි.

2018 වසරේදී අවසන් වරට පුපුරා ගිය පිලිපීනයේ වඩාත්ම සක්‍රීය ගිනිකඳුවලින් එකක්වන මයෝන් සිට කිලෝමීටර කිහිපයක් දුරින් පිහිටි ප්‍රාදේශීය ගුවන් තොටුපළකින් මැනිලා බලා පිටත්ව ගොස් ටික වේලාවකට පසුව සෙස්නා 340 ගුවන් යානය සෙනසුරාදා දිනයේ අතුරුදන් වුණා

මාස ගණනාවකට පසු පිලිපීනයේදී සෙස්නා ගුවන් යානයක් අතුරුදන් වූ දෙවැනි අවස්ථාව මෙය බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This