ඝාතනයක් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියාවත් මරා දමයි – නව හැවිරිදි දැරියකුත් ෆ්ලොරිඩාවේ දී තුවක්කුවට බිළි වේ

ඝාතනයක් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියාවත් මරා දමයි – නව හැවිරිදි දැරියකුත් ෆ්ලොරිඩාවේ දී තුවක්කුවට බිළි වේ

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ඔර්ලන්ඩෝ හිදී සිදුවූ වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

19 හැවිරිදි කීත් මෝසස් නැමැති ඝාතකයා, 20 හැවිරිදි කාන්තාවක් මෝටර් රථයක් තුළදී වෙඩි තබා ඝාතනය කර පසුව නැවත එම ස්ථානයට ගොස් වෙඩි තැබීමක් සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඒ අනුව මනුෂ්‍ය ඝාතනය සිදුවූ ස්ථානය ආසන්නයේ එය වාර්තා කරමින් සිටි රූපවාහිනී වාර්තාකරුවෙකුට සහ නව හැවිරිදි දැරියකට වෙඩි වැදීමෙන් ඔවුන් දෙදෙනාද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම තුවක්කුකරු දැරියගේ මවට ද වෙඩි තබා තුවාල සිදු කර ඇති අතර ඇය අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද සඳහන් වනවා

වෙඩි තැබීමට හේතුව පැහැදිලි නැති අතර සැකකරු අත්අඩංගුවට ගන්නා විට ආයුධ සන්නද්ධව සිට ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ.

වෙඩි තැබූ සැකකරුට වාර්තාකරුවන් සමග මෙන්ම මව සහ නව හැවිරිදි දරුවා සමග ද කිසිදු සම්බන්ධයක් නොතිබුණ බවද විදෙස් මාධ්‍ය පවසනවා

 

Share This