යුක්‍රේනය සහ රුසියාව අතර ‘ යුද ගැටුමට’ වසරක් ගතවේ – අද බියකරු දවසක් වෙතැයි සැකයක්

යුක්‍රේනය සහ රුසියාව අතර ‘ යුද ගැටුමට’ වසරක් ගතවේ – අද බියකරු දවසක් වෙතැයි සැකයක්

රුසියාව සහ යුක්‍රේනය අතර යුද ගැටුම් ආරම්භ වී වසරක කාලයක් ගතවී ඇති බැවින් අද (24) දිනයේත් රුසියාවෙන් ප්‍රහාර එල්ල වෙතැයි යුක්‍රේනයේ රාජ්‍ය ඔත්තු සේවා දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා .

වසරකට ආසන්න කාලයකට පෙර රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම හෙළා දකින යෝජනාවකට නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සහයෝගය ලබා දී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා .

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ රුසියානු සමූහාණ්ඩුව ජාත්‍යන්තරව පිළිගත් දේශසීමා තුළ යුක්‍රේන භූමියෙන් තම සියලුම හමුදා වහාම, ඉවත්කර ගෙන සතුරුකම් නැවැත්විය යුතු බවයි.

මෙම යෝජනාවට රටවල් 141ක සහාය ලැබුණු අතර රටවල් 32ක් ඡන්දය දීමෙන් වැළකී සිටියා.රුසියාව ඇතුළු තවත් රටවල් 7ක් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

චීනය, ඉන්දියාව, ඉරානය සහ දකුණු අප්‍රිකාව යන රටවල් ඡන්දය දීමෙන් වැළකී සිට ඇති අතර රුසියාව, බෙලරුස්, උතුරු කොරියාව, එරිත්‍රියාව, මාලි, නිකරගුවාව සහ සිරියාව යන රටවල් හත යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Share This