මිලියනයකට ආසන්න නිවාසවලට විදුලිය නෑ -එක්සත් ජනපද ගුවන් ගමන් වාර 6,000කට වඩා අවලංගු වේ

මිලියනයකට ආසන්න නිවාසවලට විදුලිය නෑ -එක්සත් ජනපද ගුවන් ගමන් වාර 6,000කට වඩා අවලංගු වේ

එක්සත් ජනපදයට බලපෑ ශීත කුණාටුවකින් මිලියනයකට ආසන්න නිවාසවලට විදුලිය විසන්ධි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රාන්ත පහක පාරිභෝගිකයින් 945,000කට වඩා වැඩි පිරිසකට විදුලිය නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

FlightAware දත්ත වලට අනුව එක්සත් ජනපද ගුවන් ගමන් වාර 6,000කට වඩා අවලංගු කර ඇති අතර ගුවන් ගමන් ප්‍රමාද වීම් රැසක්ද සිදුව තිබෙනවා.

ඇති වූ සීතල තත්ත්වය නිසා පාසල්, සහ ව්‍යාපාර වසා දැමීමටද සිදුව ඇති බවත් හිම සහිත මාර්ගවල ගමන් කිරීම අපහසු වී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා

Share This