ලෙයින් තෙත් වූ යුද පිටියේ ‘ගෙවී ගිය වසරක’  අඳුරු මතක (PHOTOS)

ලෙයින් තෙත් වූ යුද පිටියේ ‘ගෙවී ගිය වසරක’ අඳුරු මතක (PHOTOS)

රුසියාව සහ යුක්‍රේනය යුද වැදීම ආරම්භ කර අදට (24) වසරක් සපිරෙනවා.

ගෙවී ගිය වසරේ යුද පිටිය පිළිබඳව දැක්වෙන සුවිශේෂ වූ ඡායාරූප කිහිපයක් විදෙස් මාධ්‍ය මේ වනවිට පළ කර ඇති අතර ඒ අතරින් තෝරා ගත් සේයාරූ කිහිපයක් පහතින් දැක්වෙනවා.

2022 පෙබරවාරි 24 වන බ්‍රහස්පතින්දා උදෑසන, පිපිරුම් සහ සයිරන් නාදයෙන් කියෙව් වැසියන් අවදිවුණා .රුසියාවෙන් යුක්‍රේනය ආක්‍රමණය කිරීම ආරම්භ වීමත් සමග දහස් ගණනක් ජනතාව තම මෝටර් රථවලට නැගී අගනුවරෙන් පලා යාමට උත්සාහ කළ අයුරු ඡායාරූපයෙන් දැක ගත හැකියි

ආක්‍රමණය කිරීම සිදුවූ දා උදේ පාන්දරින්ම ජනාධිපති Volodymyr Zelensky ජාතිය අමතා ප්‍රකාශයක් නිකුත් කළා. එහිදී ඔහු කියා සිටියේ “රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින්ට අවශ්‍ය අපේ රට සහ අප ගොඩනඟමින් සිටි සෑම දෙයක්ම විනාශ කිරීමට,නමුත් යුක්‍රේන ජනතාවගේ ශක්තිය ගැන විශ්වාස කරනවා ” යනුවෙනුයි . ඒ අනුව යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි සාමාන්‍ය ඇඳුමකින් සැරසී සිටි අවසන් අවස්ථාව මෙය බවයි ඡායාරූපයෙන් දැක්වෙන්නේ

රුසියාව ආක්‍රමණය දියත් කර පැය කිහිපයක් ඇතුළත යුක්‍රේන දේශසීමා ආරක්ෂකයින් ප්‍රකාශ කළේ හමුදාව සෑම දිශාවකින්ම රට තුළට පැමිණ ඇති බවයි. 52 හැවිරිදි ගුරුවරියක් වූ චුහුයිව්හි පදිංචි ඔලේනා කුරිලෝගේ ලේ වැගිරෙන මුහුණ යුද්ධයේ ගොදුරු බවට පත් වූ පළමු ඡායාරූපවලින් එකක් බවට ඉතිහාසගත වුණා .

පෙබරවාරි 24 වෙනිදා, ජනාධිපති සෙලෙන්ස්කි යුක්‍රේනියානු වයස අවුරුදු 18 ත් 60 ත් අතර සියලුම පිරිමින්ට රට හැර යාම තහනම් කරමින් යුද නීතිය හඳුන්වා දුන්නා.වෙන්වී යාමට මොහොතකට පෙර Kyiv මෙට්‍රෝවේදී තරුණ යුවලක් වැළඳ ගන්නා ආකාරයයි ඡායාරූපයෙන් දැක්වෙන්නේ

පෝලන්තය වැනි අසල්වැසි රටවලට සමූහවශයෙන් පිටත්ව යාම පළමු දිනයේ සිටම ආරම්භ වුණා . එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මිලියන 8.1 ක ජනතාවක් යුක්‍රේනයේ සිට යුරෝපයට පැමිණ අවතැන් වී ඇති බවයි.මුළු යුක්රේන ජනගහනයෙන් 19% ක් පමණ අවතැන් වී ඇති බවයි පැවසෙන්නේ . මුලදී දළ වශයෙන් මිලියන 18.6 ක ජනතාවක් රට හැර ගිය නමුත් මිලියන 10.3 ක් ආපසු පැමිණ ඇති බවද සඳහන් වනවා


යුද විරෝධී උද්ඝෝෂකයෝ ආක්‍රමණය සිදුවූ පෙබරවාරි 24 මොස්කව්හි වීදිවලට පැමිණියා . රුසියානු ආක්‍රමණයෙන් පසු පළමු සතිය තුල, ආණ්ඩුව යුද විරෝධී විසම්මුතිය මර්දනය කිරීමත් සමග රුසියාව පුරා විරෝධතාකරුවන් 6,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගනු ලැබුවා

Share This