දකුණු ඉතාලියේ බෝට්ටුවක් ගිලී යාමෙන් මියගිය 59 දෙනා අතර ළමුන් 12ක් -30ක් අතුරුදන් (VIDEO)-UPDATE -01

දකුණු ඉතාලියේ බෝට්ටුවක් ගිලී යාමෙන් මියගිය 59 දෙනා අතර ළමුන් 12ක් -30ක් අතුරුදන් (VIDEO)-UPDATE -01

දකුණු ඉතාලියට ඔබ්බෙන් වූ මුහුදේ බෝට්ටුවක් ගිලී යාමෙන් සංක්‍රමණිකයන් 59 දෙනෙකු මිය ගොස් ඇති අතර අවම වශයෙන් ළමුන් 12 දෙනෙකු ඒ අතර වන බව විදෙස් මාධ්‍ය පවසනවා

කැලබ්‍රියා ප්‍රදේශයේ වෙරළබඩ නගරයක් වන ක්‍රෝටෝන් අසලට ගොඩබෑමට උත්සාහ කිරීමේදී යාත්‍රාව කැඩී ගිය බවයි වාර්තා වන්නේ

දිවි ගලවා ගත් අය පවසා තිබෙන්නේ අවම වශයෙන් පුද්ගලයින් 150 දෙනෙකු යාත්‍රාවේ සිටි බවයි.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Matteo Piantedosi පවසා තිබෙන්නේ පුද්ගලයන් 30 දෙනෙකු පමණ තවමත් අතුරුදන්ව සිටිය හැකි බවයි.

ඉතාලියේ අන්සා ප්‍රවෘත්ති ඒජන්සියට අනුව මියගිය අය අතර මාස කිහිපයක් පමණක් වයසැති ළදරුවෙකු ද සිටින බවද වාර්තා වනවා.

වෙරළාරක්ෂක බලකාය සඳහන් කරන්නේ “යාත්‍රාව ගිලීමෙන් පසු වෙරළට ළඟා වීමට සමත් වූ කිහිප දෙනෙකු ද ඇතුළුව පුද්ගලයින් 80 දෙනෙකු පමණ ජීවතුන් අතර සිටින බවයි.

මීට දින කිහිපයකට පෙර තුර්කියේ සිට යාත්‍රා කළ මෙම බෝට්ටුවේ ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය, සෝමාලියාව සහ ඉරානය යන රටවල මගීන් පිරිසක් ගමන් කරමින් සිට ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

සෑම වසරකම ගැටුම් හෝ දරිද්‍රතා හේතුවෙන් පලා යන විශාල සංඛ්‍යාවක් අප්‍රිකාවේ සිට ඉතාලියට පැමිණෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

…………………………………………………………………….

Feb 27, 2023 at 08:50

මහ මුහුද මැද ඛේදාන්තයක් – දරුවන් ඇතුළු 59කට දිවි අහිමි වේ

ඉතාලියේ කැලබ්‍රියා වෙරළට ඔබ්බෙන් සංක්‍රමණික බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් අවම වශයෙන් 59 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

දිවි ගලවා ගත් 80 දෙනෙකු පමණ වෙරළට පැමිණි අතර, රතු කුරුස සංවිධානයට අනුව, මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි විශ්වාස කරන බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

බෝට්ටුවේ සිටි පුද්ගලයින්ගේ සංඛ්‍යාව සම්බන්ධයෙන් නිසි තොරතුරක් මෙතෙක් නැතත්, එම බෝට්ටුවේ තුර්කියේ සිට පැමිණි 200කට ආසන්න පිරිසක් සිටි බව ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා.

Share This