ප්‍රචණ්ඩත්වය අවම කිරීමට ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ එකඟත්වය

ප්‍රචණ්ඩත්වය අවම කිරීමට ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ එකඟත්වය

ඊශ්‍රායල සහ පලස්තීන නිලධාරීන් ජෝර්දානයේ පැවති සාකච්ඡාවලින් පසු ඉහළ යන ප්‍රචණ්ඩත්වය අවම කිරීමේ පියවර ක්‍රියාත්මක කිරීමට පොරොන්දු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

එමෙන්ම බටහිර ඉවුරේ නීති විරෝධී ජනාවාස මුරපොලවල් සඳහා අවසර දීම මාස හයකට නතර කිරීමට ඊශ්‍රායලය එකඟ වී ඇති බවයි ඒකාබද්ධ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

එක්සත් ජනපදය, ඊජිප්තු සහ ජෝර්දාන නිලධාරීන් ද සහභාගී වූ රැස්වීමක් අවසානයේ මෙම ඒකාබද්ධ ප්‍රකාශය සිදුවූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

 

Share This