සුසාන භූමියක තිබූ ‘සිරුරු’ ප්‍රදේශය පුරා – ‘ෆ්‍රෙඩී’ තවමත් නොයයි

සුසාන භූමියක තිබූ ‘සිරුරු’ ප්‍රදේශය පුරා – ‘ෆ්‍රෙඩී’ තවමත් නොයයි

මොසැම්බිකාවේ අගනුවර වන මාපුටෝ අසල උම්බෙලූසි ගං ඉවුරේ පිහිටි සුසාන භූමියක ඇති සිරුරු ගංවතුරට හසුව එම ප්‍රදේශය පුරා පැතිරී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අගනුවරට කිලෝමීටර් 25ක් පමණ නිරිත දෙසින් සහ ඉන් ඔබ්බෙහි පිහිටි බොආන් දිස්ත්‍රික්කයේ බොහෝ අසල්වැසි ප්‍රදේශ ගංවතුරට හසුව ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

විසිරී ඇති සිරුරු මහජන සෞඛ්‍යයට තර්ජනයක් වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ගංවතුරින් බලපෑමට ලක් වූ සුසාන භූමිය දශක තුනකට වඩා පැරණි වන අතර හඳුනා නොගත් සොහොන් රාශියක් ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

ෆ්‍රෙඩී නිවර්තන කලාපීය සුළි කුණාටුව පසුගිය සිකුරාදා(24) එරටට ළඟා වී ඇති අතර එමගින් එම කලාපය පුරා විශාල ගංවතුරක් ඇතිවූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.

Share This