Abby Choiගේ ඝාතනයට ‘චෝදනා ලැබුවන් අතර’ ස්වාමිපුරුෂයා සහ නැන්දම්මාත්

Abby Choiගේ ඝාතනයට ‘චෝදනා ලැබුවන් අතර’ ස්වාමිපුරුෂයා සහ නැන්දම්මාත්

හොංකොංහි සමාජවාදියෙකු වන Abby Choiගේ ඝාතනය සම්බන්ධයෙන් ස්වාමිපුරුෂයා සහ නැන්දම්මා චෝදනා ලැබ අධිකරණයට ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

Abby Choiගේ ඝාතනයට චෝදනා ලැබුවන් අතර ක්වොන්ග්ගේ සොහොයුරා වන ඇන්තනි සහ ඔවුන්ගේ පියා ක්වොන්ග් ද ඇතුළත් වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

63 හැවිරිදි ක්වොන්ග්ගේ මවට නඩුවට බාධා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන අතර ඔවුන් සියලු දෙනාටම ඇප ලබා දීම ප්‍රතික්ෂේප වී තිබෙනවා.

28 හැවිරිදි Abby Choi පසුගිය බදාදා අතුරුදහන් වූ බව වාර්තා වුණ අතර ඇයගේ හිස තායි පෝ දිස්ත්‍රික්කයේ තෙමහල් නිවසක තිබී පසුව සොයා ගෙන තිබෙනවා

ඇගේ අනෙකුත් ශරීර කොටස් එම ස්ථානයේම තිබී දින කිහිපයකට පසුව සොයාගත් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

පොලිස් අධිකාරී ඇලන් චුන්ග් AFP පුවත් සේවය වෙත පවසා තිබෙන්නේ චෝයි සහ ඇගේ හිටපු නැන්දම්මා විශාල මුදලක් සම්බන්ධයෙන් ආරවුල් රාශියක් ඇති කරගෙන සිටි බවට විශ්වාස කරන බවයි.

Share This