භූකම්පනයක් මෙන් දැනුණා – ජීවිත අහිමි කළ අනතුරේ දර්ශන  (VIDEO)

භූකම්පනයක් මෙන් දැනුණා – ජීවිත අහිමි කළ අනතුරේ දර්ශන (VIDEO)

උතුරු ග්‍රීසියේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් ජීවිත 32 ක් අහිමිවී ඇති අතර බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ලැරිසා නගරය ආසන්නයේදී මෙම දුම්රිය අනතුරට ලක්ව තිබෙනවා.

මගීන් 350ක් පමණ රැගත් දුම්රියක් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Angelos Tsiamouras නම් දුම්රියේ ගමන් ගත් මගියෙකු ප්‍රාදේශීය මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ අනතුර භූමිකම්පාවක් මෙන් දැනුණු බවයි.

Lazos නම් තවත් මගියෙකු සඳහන් කරන්නේ මෙම අත්දැකීම කම්පනයක් බවයි.

 

Share This