නයිජීරියානු ජනාධිපති පුටුව ධනවත්ම දේශපාලනඥයෙකුට

නයිජීරියානු ජනාධිපති පුටුව ධනවත්ම දේශපාලනඥයෙකුට

නයිජීරියානු ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ලෙස ආණ්ඩු පක්ෂයේ අපේක්ෂක Bola Tinubu ප්‍රකාශයට පත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

70 හැවිරිදි දේශපාලනඥයා නිල ප්‍රතිඵලවලට අනුව 36% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.

ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන Atiku Abubakar 29% ක් සහ කම්කරු පක්ෂයේ Peter Obi 25% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන තිබෙනවා

Bola Tinubu නයිජීරියාවේ ධනවත්ම දේශපාලනඥයන්ගෙන් කෙනෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

නයිජීරියාවේ පාලක සියලු ප්‍රගතිශීලී කොන්ග්‍රස් (APC) පක්ෂය නයිජීරියානුවන් සිය ජනාධිපති අපේක්ෂක Bola Tinubu තෝරා ගැනීම සම්බන්ධයෙන් ස්තුතිය පළ කර ඇතත්, විරුද්ධ පක්ෂ මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇති බවයි පැවසෙන්නේ

Bola Tinubu ඡන්ද 8,794,726 ක් ලබා ජයග්‍රහණය කළ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

 

 

Share This