සංවර්ධනය වෙමින් පවතින රටවල අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කරන්නැයි මෝදිගෙන් ඉල්ලීමක්

සංවර්ධනය වෙමින් පවතින රටවල අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කරන්නැයි මෝදිගෙන් ඉල්ලීමක්

බෙදීම් මගහරවා ගනිමින් සංවර්ධනය වෙමින් පවතින රටවල අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කරන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි G20 සමුළුවට පැමිණි විදේශ අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රශ්න මතු කිරීම සඳහා ඉන්දියාව G20 සභාපතිත්වය භාවිතා කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

සංවර්ධනය වෙමින් පවතින ලෝකයට උපකාර කළ හැකි සහ එහි ගෝලීය අභිලාෂයන් පෝෂණය කළ හැකි ගිවිසුම් ඉදිරිපත් කිරීමට ඉන්දියාවට අවශ්‍ය බවයි මෝදි සඳහන් කරන්නේ

වැඩිදුරටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ “වසර ගණනාවක ප්‍රගතියෙන් පසු, අපි අද තිරසාර සංවර්ධන ඉලක්ක වෙත ආපසු යාමේ අවදානමකට ලක්ව සිටිනවා . බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් ආහාර හා බලශක්ති සුරක්ෂිතභාවය සහතික කිරීමට උත්සාහ කරන අතරම, දරාගත නොහැකි ණය සමග පොරබදමින් සිටිනවා ” යනුවෙනුයි .

පසුගිය සතියේ, G20 මුදල් ඇමතිවරු, මෙම වසර අගදී සමුළුවට පෙර බැංගලෝර් නගරයේ පැවති පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී,අවසාන ප්‍රකාශය පිළිබඳ සම්මුතියකට එළඹීමට අසමත් වුණා

Share This