විදුලි කප්පාදුව කළ පාකිස්ථානුවන්ට වැඩ වරදි

විදුලි කප්පාදුව කළ පාකිස්ථානුවන්ට වැඩ වරදි

දැවැන්ත විදුලි කප්පාදුව පිටුපස සිටින පාර්ශ්වයන්ට එරෙහිව වහාම පියවර ගන්නා ලෙස පාකිස්ථාන අග්‍රාමාත්‍ය Shehbaz Sharif විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

පසුගිය ජනවාරි මාසයේ දී එම විදුලි කප්පාදුව සිදු වුයේ යම් නිලධාරියෙකුගේ නොසැලකිලිමත්භාවය සහ අකාර්යක්ෂමතාවය හේතුවෙන් නම් ඔවුන්ට එරෙහිව විනය පියවර ගැනීමට පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉදිරියේ දී එවැනි ආකාරයේ විදුලි කප්පාදුවක් සිදුවීම වළක්වා ගැනීම සඳහා ජාතික විදුලිබල පද්ධතිය වැඩිදියුණු කිරීමට ද කඩිනම් පියවර ගන්නා ලෙස පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

Share This