බ්ලින්කන් සහ ලැව්රොව් අතර හමුවක් -යුක්‍රේන යුද්ධය අවසන් කරන්නැයි ඉල්ලීමක්

බ්ලින්කන් සහ ලැව්රොව් අතර හමුවක් -යුක්‍රේන යුද්ධය අවසන් කරන්නැයි ඉල්ලීමක්

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් රුසියානු රාජ්‍ය ත්‍රාන්තික සර්ජි ලැව්රොව්ට යුක්‍රේනයට එරෙහිව පවතින ආක්‍රමණශීලී යුද්ධය අවසන් කරන ලෙස ඉල්ලා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

වසරකට පෙර රුසියාවේ ආක්‍රමණය ආරම්භ කිරීමෙන් පසු බ්ලින්කන්, ලැව්රොව්ට මුහුණට මුහුණ දුන් පළමු අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

ඉන්දියාවේ දිල්ලි අගනුවර පැවති ජී 20 සමුළුවට සමගාමීව ඔවුන් දෙදෙනා කෙටි පිළිසඳරක යෙදී තිබෙන අතර එහිදී බ්ලින්කන්  රුසියාවේ රඳවා සිටින ඇමරිකානුවෙකු වන Paul Whelan ගේ නඩුව පිළිබඳවද විමසා ඇති බව සඳහන් වනවා.

“මම සර්ජි ලැව්රොව්ට පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී මා සහ තවත් බොහෝ දෙනෙක් පැවසූ දේ සහ අද G20 සමුළුවේදී විදේශ ඇමතිවරුන් පැවසූ දේ ගැන පවසා සිටියා.
මෙම ආක්‍රමණශීලී යුද්ධය අවසන් කරන ලෙසත්, සාධාරණත්වයක් ඇති කළ හැකි අර්ථවත් රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල නිරත වෙමින් කල්පවත්නා සාමය ගැන කටයුතු කරන ලෙසත් දැනුම් දුන්නා ” යනුවෙන් බ්ලින්කන්  පසුව පැවති සාකච්ඡාවකදී සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

නව START න්‍යෂ්ටික අවි පාලන ගිවිසුමට නැවත සම්බන්ධ වන ලෙස ඔහු රුසියාවෙන් ඉල්ලා සිටි බවත්, ගිවිසුමට සහභාගී වීම අත්හිටුවීමට මොස්කව් ගත් මෑත තීරණය වගකීම් විරහිත බවත් දැනුම් දුන් බවයි ඇන්ටනි බ්ලින්කන් පවසන්නේ.

රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා මෙම හමුව සිදුවූ බව තහවුරු කළ නමුත් වැඩිදුර තොරතුරු ලබා දී නැහැ

 

Share This