තුර්කියේ භූමිකම්පාව සිදුවී ‘දින 23කට පසු’ ජීවිතය බේරාගත් සුනඛයා (VIDEO )

තුර්කියේ භූමිකම්පාව සිදුවී ‘දින 23කට පසු’ ජීවිතය බේරාගත් සුනඛයා (VIDEO )

දකුණු තුර්කියේ සහ උතුරු සිරියාවේ සිදුවූ භූමිකම්පාවෙන් පසු සුන්බුන් යට සිටි සුනඛයෙකු බේරාගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

භූමිකම්පාව සිදුවී දින 23 කට පසුව මෙම සුනඛයා බේරා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

තුර්කියේ Hatay ප්‍රදේශයේ ගලවා ගැනීමේ කණ්ඩායමක් විසින් මෙම සුනඛයා බේරා ගනු ලැබුවා.

දකුණු තුර්කියේ සහ උතුරු සිරියාවේ සිදුවූ භූමිකම්පාවෙන් 50,000 කට වැඩි පිරිසක් මිය ගිය අතර තවත් දහස් ගණනක් අතුරුදන්ව සිටින බවද විදෙස් මාධ්‍ය පවසනවා.

Share This