ඉන්දුනීසියාවේ ඉන්ධන ගබඩාවක ගින්නකින් 17 ක් මරුට

ඉන්දුනීසියාවේ ඉන්ධන ගබඩාවක ගින්නකින් 17 ක් මරුට

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර පිහිටි ඉන්ධන ගබඩාවක හටගත් ගින්නකින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබෙනවා.

එරට රාජ්‍ය බලශක්ති සමාගමකට අයත් ඉන්ධන ගබඩාවක ගින්න හටගෙන ඇති අතර ඒ අවට තිබූ නිවාස රැසකට ද හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගින්න හේතුවෙන් තවත් පුද්ගලයින් 50 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

2009 සහ 2014 වසරවල දී හටගත් ගිනි ගැනීමේ සිද්ධීන්ගෙන් අනතුරුව අදාළ ඉන්ධන ගබඩාවේ හටගත් දැවැන්තම ගිනි ගැනීම මෙය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Share This