තායිවානයේ විරෝධතා

තායිවානයේ විරෝධතා

ටිබෙට් වැසියන්ට සහ අනෙකුත් ජන කොටස්වලට සහයෝගීතාවය දැක්වීමේ අරමුණ ඇතිව තායිවානයේ අගනුවර අද (05) පාගමනක් පැවැත්වීමට නියමිත බව තායිපේ ටයිම්ස් වාර්තා කරනවා.

එය සංවිධානය කර ඇත්තේ ටිබෙට් වැසියන්ට හිතවාදී සහ මානව හිමිකම් සංවිධාන විසින්.

ටිබෙටයේ නැගී සිටීම හා එහිදී මියගිය පිරිස් සිහිපත් කරමින් 2004 වසරේ සිට වාර්ෂිකව මෙම පාගමන පැවැත්වෙනවා.

සිජියෑන් වැසියන් සහ හොංකොං වැසියන් වෙනුවෙන් ද මෙවර පාගමනේ දි හඬ නගන බවයි සංවිධායකයින් පවසන්නේ.

 

Share This