තුන්වන ලෝක යුද්ධයක් නොවන්න යුක්රේන, රුසියා යුද්ධය අවසන් කරන්න – මාව යළි බලයට ගේන්න

තුන්වන ලෝක යුද්ධයක් නොවන්න යුක්රේන, රුසියා යුද්ධය අවසන් කරන්න – මාව යළි බලයට ගේන්න

තුන්වන ලෝක යුද්ධයක් වළක්වා ගැනීමට නම් 2024 දී තමා නැවත එක්සත් ජනපද ජනාධිපති ලෙස තේරී පත් විය යුතු බවට අමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

යුක්රේන රුසියා යුද්ධය මූලික කරගනිමිනුයි ඔහු මෙම අදහස් ප්‍රකාශ කර ඇත්තේ.

ඊට ඉක්මනින් පිළියම් දීමට පියවර නොගන්නේ නම් තුන්වන ලෝක යුද්ධයක් ඇති වීම නතර කළ නොහැකි බවත්, එවැන්නක් ඇති නොවන බවට පොරොන්දුවක් දිය හැකි එකම පුද්ගලයා තමා බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

එසේම යුක්රේන – රුසියා යුද්ධය එක් දිනකදී අවසන් කිරීමට ද තමාට හැකියාව පවතින බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.

යුක්රේනය ආරක්ෂා කිරීම සඳහා අමෙරිකාව විසින් ඩොලර් බිලියන ගණන් වියදම් කිරීම නතර කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

Share This