බංග්ලාදේශයේ රොහින්ග්‍යා කඳවුරක ගින්නක් -12,000කට පමණ නිවාස අහිමි වේ (VIDEO )

බංග්ලාදේශයේ රොහින්ග්‍යා කඳවුරක ගින්නක් -12,000කට පමණ නිවාස අහිමි වේ (VIDEO )

ගිණිකොනදිග බංග්ලාදේශයේ රොහින්ග්‍යා සරණාගත කඳවුරක හටගත් ගින්නක් හේතුවෙන් එහි සිටි ජනතාවට නවාතැන් අහිමි වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා .

මේ වනවිට ගින්න පාලනය කර ඇති අතර Cox’s Bazar කඳවුරේ මෙම ගින්න හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

අසල්වැසි මියන්මාරයේ ප්‍රචණ්ඩත්වයෙන් බේරුණු පුද්ගලයන්12,000ක් පමණ මෙම කඳවුරේ සිට ඇති අතර ඔවුන්ගේ නවාතැන් ගෙන සිටි ස්ථාන 2,000ක් පමණ විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ජීවිත හානි කිසිවක්ද වාර්තා වී නැහැ

පැය තුනක් ඇතුළත ගින්න පාලනය කර ඇති අතර අවම වශයෙන් ආගමික ස්ථාන 35 ක් සහ සරණාගතයින් සඳහා තිබූ ඉගෙනුම් මධ්‍යස්ථාන 21 ක් ද විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This