චීනයේ මිලිටරි වියදම් ඉහළට

චීනයේ මිලිටරි වියදම් ඉහළට

චීනය තායිවානය ආක්‍රමණය කළ හැකි බවට එක්සත් ජනපද නිලධාරීන් අනතුරු අඟවා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

චීනය බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කිරීම ඇතුළුව තායිවානය අවට ගුවනේ සහ මුහුදේ නිරන්තරයෙන් තම මිලිටරි බලය ප්‍රදර්ශනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ

චීනය මේ වසරේ මිලිටරි වියදම් 7%කට වඩා වැඩි කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ

යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයාගේ පවතින අදහස් පිළිබඳව එක්සත් ජනපදයේ විවේචනයට ලක්ව තිබෙන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

මේ අතර චීනය යටපත් කිරීමට සහ පාලනය කිරීමට වෙනත් රටවල උත්සාහයන් උත්සන්න වෙමින් පවතින බව නික්ම යන අගමැති Li Keqiang පවසා ඇති බවයි වැඩිදුරටත් විදෙස් වාර්තාවල සඳහන් වන්නේ

Share This