මියගිය බව සිතූ කාන්තාවක් වසර 30 කට පසු හමුවෙයි

මියගිය බව සිතූ කාන්තාවක් වසර 30 කට පසු හමුවෙයි

වසර 30 කට වැඩි කාලයක් අතුරුදන්ව සිටි අමෙරිකානු ජාතික කාන්තාවක් Puerto Rico හිදී සොයාගෙන තිබෙනවා.

82 හැවිරිදි වියේ පසුවන Patricia Kopta නැමති එම කාන්තාව 1992 වසරේ දී Pennsylvania, Pittsburgh හිදී අතුරුදන් වී තිබුණා.

ඇය මියගිය බවට විශ්වාසය පළ කර තිබු නමුත් වසර 30 කට පසු Puerto Rico හි වැඩිහිටි නිවාසයක දී සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Dementia රෝගයෙන් පෙළෙන ඇය තම ජීවිතය පිළිබඳව තොරතුරු හෙළි කිරීමත් සමඟ Pennsylvania හි බලධාරීන් වෙත ඒ සම්බන්ධයෙන් දැනුම්දීමට Puerto Rico හි බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

අනතුරුව ඇයගේ අනන්‍යතාවය හෙළි කර ගැනීමට Pennsylvania බලධාරීන් සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Share This