ඉම්රාන් ඛාන්ට මාධ්‍ය තහනම්

ඉම්රාන් ඛාන්ට මාධ්‍ය තහනම්

පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරට සියලු රූපවාහිනී මාධ්‍ය නාලිකා සඳහා තහනමක් පනවා තිබෙනවා.

ලාහෝර් හි දී ජනතාව අමතමින් ඉම්රාන් ඛාන් පාකිස්ථානයේ වත්මන් අග්‍රාමාත්‍යවරයා විවේචනය කිරීමෙන් අනතුරුව එම තහනම පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉම්රාන් ඛාන් සිදු කරන වෛරී ප්‍රකාශන හේතුවෙන් නීතිය හා සාමය පවත්වාගෙන යාමට බාධාවක් විය හැකි බැවින් පාකිස්ථාන ඉලෙක්ට්‍රොනික මාධ්‍ය නියාමන අධිකාරිය විසින් අදාළ තීරණය ගෙන තිබෙනවා.

ඉම්රාන් ඛාන් නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට පාකිස්ථාන අධිකරණයක් විසින් පසුගියදා වරෙන්තුව ද නිකුත් කරනු ලැබුවා.

Share This