මාලදිවයිනේ රැඩිකල් මතවාද උත්සන්න වීමේ නව ප්‍රවණතා ?

මාලදිවයිනේ රැඩිකල් මතවාද උත්සන්න වීමේ නව ප්‍රවණතා ?

මාලදිවයිනේ රැඩිකල් මතවාද උත්සන්න වීමේ නව ප්‍රවණතා ඇති වෙමින් පවතින බව ආචාර්ය ෆර්නැන්ඩස්-ගරායිසබල් (Juncal Fernández-Garayzabal) කරන ලද අනාවරණයකින් හෙළිව ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

ගැටුම් ඇති ප්‍රදේශවලින් ආපසු පැමිණෙන පුද්ගලයින් සහ අන්තවාදයට සම්බන්ධ වැරදි සඳහා වරදකරුවන් වූවන් ඵලදායී ලෙස පුනරුත්ථාපනය කිරීම සහ නැවත සමාජගත කිරීම සම්බන්ධයෙන් උපදේශිකාවක් වන ඇය පෙන්වා දී ඇත්තේ, සෞදි ආරාබියේ සහ පාකිස්ථානයේ ඇතැම් අදහස් ඊට හේතුවී ඇති බවයි.

2008 දී මාලදිවයිනේ සමාජයට විවිධ ආකාරවලින් බලපෑම් එල්ල වූ බවත් පොදු ක්ෂේත්‍රය තුළ වඩාත් රැඩිකල් හඬක් මතුවීමට ඉඩ ඇති වූ බවත් ආචාර්ය ෆර්නැන්ඩස්-ගරායිසබල් පෙන්වා දෙනවා.

2013 න් පසු, ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යයට (ISIS) එක්වන ඉහළම ඒක පුද්ගල විදේශ සටන්කරුවන් සිටින රට බවට මාලදිවයින පත් වූ බවයි ඇය පෙන්වා දෙන්නේ.

බොහෝ මාලදිවයින් ජාතිකයින් ඉස්ලාමීය අධ්‍යාපනය ලැබීමට ගිය සෞදි අරාබියේ සහ පාකිස්ථානයේ ඉගැන්වීම් මගින් රැඩිකල් හැඟීම් මතුවීමට දැඩි ලෙස බලපාන බව ඇය පෙන්වා දෙනවා.

ආචාර්ය ෆර්නැන්ඩස්-ගරායිසබල් සඳහන් කළේ මෙම සිසුන් හමුදා පුහුණුව ලැබූ බවට කිසිදු සාක්ෂියක් නොමැති නමුත් ඇතැම් අය දකුණු ආසියාවේ ප්‍රහාරවලට සම්බන්ධ වූ බවයි.

Fernández-Garayzabal මේ සම්බන්ධයෙන් දක්වන්නේ මෙවන් අදහසක්.

” 2008 ඉන්දියාවේ මුම්බායි හි ප්‍රහාරවලට මාලදිවයින් ජාතිකයන් කිහිපදෙනෙක් සම්බන්ධ වූ අතර 2015 වන විට මාලදිවයින් ජාතිකයින් 80 දෙනෙකු පමණ ISIS සංවිධානයට සම්බන්ධ වීමට සමත් වී ඇති බව විශේෂයෙන් සඳහන් කළ හැකියි.

බොහෝ දුරට ගතානුගතික මාලදිවයින් සමාජයට වඩාත් ලිබරල් සමාජ සම්මතයන් සහිත බටහිර ජාතිකයින්ගේ පැමිණීම ඉහළ නංවන සංචාරක අංශයේ වර්ධනය ඇතුළු සමාජ-ආර්ථික සාධකවල කාර්යභාරය ද මේ සඳහා බලපෑම් එල්ල කරනු ලබනවා.

සංචාරක කර්මාන්තය ආදායම් විෂමතා උග්‍ර කර ඇති අතර දැඩි ලෙස ජනාකීර්ණ වී ඇති මාලේ අගනුවර පමණක් නොව සෑම ප්‍රදේශයකම ජීවන වියදම එරට වැසියන්ට ද දරාගත නොහැකි තරම ඉතා ඉහළ මට්ටමකයි පවතින්නේ.

පවතින සමාජ-ආර්ථික අභියෝගවලට ප්‍රතිචාරයක් ලෙස රැඩිකල් මතවාදයන් වඩාත් ආකර්ශනීය කරමින් ඉස්මතු වීමේ ඉඩක් තිබෙනවා.”

වරදකරුවන් සඳහා නීතිමය සාක්ෂි ගොඩ නැගීම

ආචාර්ය ෆර්නැන්ඩස්-ගරායිසාබල් තර්ක කරන්නේ වරදකරුවන් සඳහා නීතිමය සාක්ෂි ගොඩ නැගීම බොහෝ විට දුෂ්කර වන අතර නැවත පැමිණෙන අය සඳහා ප්‍රමාණවත් සහ කාර්යක්ෂම පුනරුත්ථාපන වැඩසටහන් ගොඩනැගීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

 

විදෙස් භූමිකා

රට තුළ පවතින තත්ත්වය පැහැදිලි කරමින්, ආචාර්ය ෆර්නැන්ඩස්-ගරායිසාබල් සඳහන් කළේ, චීනය අවම වශයෙන් දේශපාලනයේ ප්‍රකාශිත භූමිකාවක් ඉටු නොකරන බවක් පෙනෙන්නට ඇති බවයි.

කෙසේ වෙතත්, ආසියානු සහ අප්‍රිකානු වෙලඳපොලවල් අතර මාලදිවයිනේ ඇති උපායමාර්ගික තත්ත්වය චීනයට, විශේෂයෙන් යටිතල පහසුකම් අංශයේ ආයෝජන ආකර්ශනීය කරන බව ඇය පෙන්වා දෙනවා.

මාලදිවයින, චීනය හෝ එක්සත් ජනපදය යන දෙකටම පැහැදිලි සහයක් ප්‍රකාශ කර නැති අතර, ඔවුන්ගේ විවිධ දායකත්වයන් ප්‍රයෝජනයට ගනිමින් සිටින බවත් ආචාර්ය Fernández-Garayzabal පෙන්වා දෙනවා.

Share This