හයිටියේ රෝහල් වසා දැමූ හේතුව (VIDEO)

හයිටියේ රෝහල් වසා දැමූ හේතුව (VIDEO)

හයිටි අගනුවර ඇති වූ කල්ලි ප්‍රචණ්ඩත්වය හේතුවෙන් Port-au-Prince හි පිහිටි රෝහල් තාවකාලිකව වසා දැමීමට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

ඒ අනුව රෝගීන් සහ කාර්යය මණ්ඩලය අවදානමට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

2021 වසරේදී ජනාධිපති ජොවනෙල් මොයිස් ඝාතනය කිරීමෙන් පසු හයිටියේ කල්ලි ප්‍රචණ්ඩත්වය සහ පැහැරගැනීම් ඉහළ ගොස් තිබෙනවා

ජනාධිපති ජොවනෙල් මොයිස්ගේ මරණයෙන් පසු හයිටි රාජ්‍ය අගමැති ඒරියල් හෙන්රි විසින් මෙහෙයවනු ලැබුවද, අගනුවර බොහෝ දුරට පාලනය කරන කල්ලි පාලනය කිරීමට ඔහු අසමත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ .

මේ අතර හයිටි නායකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අමෙරිකාව සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පැහැරගැනීම් වැඩිවීම නිසා පාසල් කිහිපයක් ද වසා දමා ඇති බවයි පැවසෙන්නේ

හයිටි අගනුවරට පිටතින් පිහිටි අසල්වැසි ප්‍රදේශයක්වන Cité Soleil සතුව දැන් ඇත්තේ එක් පෞද්ගලික රෝහලක් පමණක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Share This