පාකිස්ථානයේ ණය බර තවත් ඉහළ යයි

පාකිස්ථානයේ ණය බර තවත් ඉහළ යයි

මෙම වසරේ ජනවාරි මාසයේදී පාකිස්ථාන රජයේ ණය රුපියල් ට්‍රිලියන 4කින් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

එය 7.7% කින් ඉහළ යාමක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව පාකිස්ථාන රජයේ ණය රුපියල් ට්‍රිලියන 55 දක්වා ඉහළ ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසනවා.

2022 වසරේ ජනවාරි මාසයේදී පාකිස්ථාන රජයේ ණය රුපියල් ට්‍රිලියන 42.39 ක් වූ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ගෙවී ගිය වසරක කාලය තුළ පාකිස්ථාන රජයේ ණය 30% කින් ඉහළ ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර ජනවාරි අග වන විට පාකිස්ථාන රජයේ දේශීය ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 34.3 දක්වා ඉහළ ගොස් ඇතැයි ද වාර්තා වනවා.

එය මීට මාසයකට පෙර පැවති අගයට වඩා 3.4% ක ඉහළ යාමක් සහ ඉකුත් වසරට සාපේක්ෂව 25% කින් පමණ වැඩිවීමක් බවයි වාර්තා වන්නේ.

එරට විදේශ ණය රුපියල් ට්‍රිලියන 20.69 ක්ව ඇති අතර එය මාසයක කාලයක් ඇතුළත 15.7% කින් ඉහළ යාමක්.

ඉකුත් ජනවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසය වන විට පාකිස්ථානයේ විදේශ ණය 38% කින් ඉහළ ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Share This